/ Sep 25, 2026

22 ප්‍රජාතන්ත්‍රවාදය විනාශ මුඛයටත් නීතියේ ආධිපත්‍ය කනත්තටත් ගෙන යනවා – විපක්ෂ නායක

හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් 1837 දී රචිත ‘අහස් සළුව ඇදගත්’ අධිරාජ්‍ය නම් කෘතියේ දැක්වෙන ආකාරයට වංචනිකයන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයන් තුළ ඔලුව ඉදිමුණු උද්දච්ච රජතුමා රැවටුණු බවත් අදෘශ්‍යමාන ඇඳුමක් ඇති බවට වංචනිකයන් දෙදෙනා රජවරයාට පෙන්නුවත් ඇත්තටම ඇඳුමක් නොමැති බවත් මේ නිසා රජතුමා රැවටුණු බවත් රජවරයා වටේ සිටි පරිවාර කොට්ඨාසය ද මේ ඇඳුම නැති බව දැක්කත් රජුට බයේ එය නොකියු බවත් අවසානයේ පෙරහැරේ යන විට ජනතාව ඉදිරිපිට නිරුවත් වූ බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට හොඳයි ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙනවා කිව්වත් සැබෑ නිරුවත වන්නේ මේ සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතාවගේ ආත්ම ගරුත්වය කෙළෙසන මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරන ජනතාව වහලුන් ලෙස සලකා තමන්ගේ ආධිපත්‍යයට ගැනීමක් ලෙස මෙම සංශෝධනය හැඳින්විය හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී 22 වැනි සංශෝධනයට අදාළ විවාදය අමතමිනි.

මෑත කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් පැමිණි අතර 17 වැනි සංශෝධනය පැමිණියේ විධායක බලතල අඩු කරන්න වුවත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අඩු කළ විධායක බලතල නැවත ගැනීමත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් නැවත වරක් විධායක බලතල අඩුකළ පසු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 69 ලක්ෂයේ ජනාධිපතිවරයා නැවත වරක් විධායක බලතල වැඩි කළ බවත් මේ නිසා රට බංකොලොත් වීම සිදුවූ බව විපක්ෂ නායකයා පැවසුවේය.

ඉන් පසු ආ21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් නැවත වරක් විධායක බලතල අඩු කෙරුණු බවයි ඔහු සඳහන් කළේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් කරන්නේ ලක්ෂ 220ක් ජනතාව සතුව ගරු විනිසුරුවන් හා අධිකරණය ගැන ඇති ගෞරවය විනාශ කර ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් හා රූකඩයක් බවට පත් කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියාසිටියේය.

දැන්වත් මේ 22 වැනි සංශෝධනය ඉල්ලා අස්කර ගත යුතු බවයි ඔහු අවධාරණය කළේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වට මරු පහරක් එල්ල කර යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය විනාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ මුඛයටත් නීතියේ ආධිපත්‍ය කනත්තටත් ගෙන යන බවත් මේ නිසා සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය වන බවත් හෙතෙම පැවසීය.

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 194 පිටුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ නිසා ජනතාව ජන වරමක් දුන්නත් වත්මන් රජය දැන් කරන්න ගරු විනිසුරුවන්ට බලපෑම් කිරීම බවත් මේ නිසා රජය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරනවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඝාතනය කරමින් මිලේච්ඡ ක්‍රියාදාමයක් තුළ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් තුළ කටයුතු කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top