එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ තර්ජන ගර්ජනවලට තමන් බියක් නොදක්වන බවත්, ඒ ක්රමය නතර කරන්නේ නම් ඵලදායී සාකච්ඡා කරා යොමු විය හැකි බවත් ඉරාන රජය අවධාරණය කර තිබේ.
සටන් විරාම කාලය ඉක්මවීමට ආසන්නයේ වීදි බැස තිබූ දහස් ගණනක් ඉරාන ජනතාව සිය රජයට සහය පළ කරමින් කියා සිටියේ, ඇමරිකාව සමඟ යුද වැදීමට තමන් බිය නැති බවයි.





