ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉබෝලා රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වන විට එරටින් හඳුනාගෙන ඇති බවය.
ඉබෝලා සඳහා එම රටවල්වලට හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය පසුගිය දා පියවර ගනු ලැබීය.
අනුමත ඖෂධ හෝ එන්නත් නොමැතිව ඉබෝලා වින්දිතයින්ගේ අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථාවලට සහභාගී නොවන ලෙසට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.
මේ දිනවල පැතිර යන ඉබෝලා වෛරස ප්‍රභේදය සඳහා ප්‍රතිදේහ එන්නතක් මේ දක්වා සොයාගෙන නැති බැවින් තත්වය දරුණු වී ඇතැයි පැවසේ.






