දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට පත් අය සඳහා කඩිනමින් හා පහසුවෙන් වන්දි ලබා ගැනීම ඇතුළු සේවා සඳහා විශේෂ ඩිජිටල් පද්ධතියක් හඳුන්වාදී තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ප්‍රජා විමසීම් යාන්ත්‍රණය මගින් දීමනා හා වන්දි, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇතුළු දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවල ආපදා සහන විමසීම් ක්‍රමානුකූලව කළමනාකරණය කිරීමට හැකියාව ඇති බව පැවසේ.
ප්‍රජා විමසුම් යාන්ත්‍රණයට අදාළ QR කේතය හෝ ක්ෂණික ඇමතුම් දුරකතන අංකය ඔස්සේ මෙම අනන්‍ය කේතය ඉදිරිපත් කර ඔවුන්ගේ විමසීම්වල ප්‍රගතිය බලාගත හැක. මෙම ප්‍රයත්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ප්‍රමුඛතා සැලසුම් වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. මෙය රජයේ ජාතික ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හා මහජන ප්‍රමුඛතා සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රුකුලක් වේ.






