පසුගිය වසරේ මෙරටට බලපෑ දිට්වා සුළිකුණාටු තත්ත්වය හමුවේ නාය යාම හේතුවෙන් හානියට පත් බදුල්ල – නානුඔය දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණවලින් පසු යළි ලබන 20 වෙනිදා සිට ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් නාය ගිය ස්ථානයෙන් ඊයේ (17) දින පරික්ෂණ ධාවනයක්ද සාර්ථකව සිදු කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පෞද්ගලික අංශය සමග එක්වී නානුඔය සහ අඹේවෙල අතර නාය ගිය දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ යථා තත්වයට පත් කිරීමට හැකිව තිබෙන අතර ඒ අනුව මෙතෙක් අඹේවෙළ සහ බදුල්ල අතර ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය මේ මස 20 දින සිට නානුඔය සිට ධාවනය කරනු ඇත.
එමෙන්ම කොටගල සහ තලවකැලේ අතර, දුම්රිය මාර්ගය නාය ගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
මේ අතර ග්‍රේඩ්වෙස්ටන් ප්‍රදේශයේ දුම්රිය ස්ථානයේ නාය ගිය ස්ථානය සිතියම් ගත කිරිමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිත්ව හේතුවෙන් උදාට දුම්රිය මාර්ගයට බාපතල ලෙස හානි සිදු විය.






