හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2,5ක් විදෙස් ණය ගෙවිමකදී බාහිර පාර්ශවක් විසින් එම මුදල් අත්පත්කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වගකිව යුතු බවට චෝදනා කරමින් තවත් පිරිසක් සමඟ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිටට ගොස් විරෝධය පළකර අතර එහිදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට ගව අසූචි වලින් පහර දී පලවා හැරීමට කටයුතු කර තිබුණි.
එම විරෝධයේ නායකත්වය ගෙන තිබුණේ සුගීෂ්වර බණ්ඩාර විසිනි.






