/ Feb 13, 2026

අරාබියෙන් දෙහිවල සත්තු වත්තට ආ අමුත්තෝ !

සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා ඇත.

මෙම සතුන් ඊයේ (10) දින මෙරටට ගෙන්වා ඇති අතර හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතද, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතද මසක කාලයකට නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

නිරෝධායන කාලසීමාවෙන් පසුව අදාළ සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට නියමිත බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top