නිරිතදිග ජපානයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර තවත් 10කට වැඩි පිරිසක් අතුරුදහන් බව එරට වාර්තා පෙන්වා දෙයි.
අගමැති සානේ ටකයිචි පවසන්නේ, ගලවා ගැනීමේ සේවකයින් “කාලයට එරෙහි තරඟයක” යෙදී සිටින බවයි.
කුමාමොටෝ හි සාප්පු සංකීර්ණයක ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර, එහිදී බොහෝ දෙනෙක් සිරවී සිටින අතර දෙවන මහල කඩා වැටීම ගැන ඇසින් දුටු සාක්ෂි ද වාර්තා අක තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් රික්ටර් පරිමාණයේ 6.8 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති භූමිකම්පාව අඟහරුවාදා දේශීය වේලාවෙන් 16:27 ට (GMT 07:27) කියුෂු දූපතේ අභ්‍යන්තරයට බලපා තිබුණි.
රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුතුව මෙම භූ කම්පනය ඊයේ (28) හටගෙන තිබුණි.
භූ කම්පනය හේතුවෙන් නිවාස සහ සාප්පු සංකීර්ණ ඇතුළු ගොඩනැඟිලිවල සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව සඳහන්.
අගමැතිනි ටකයිචි පවසන්නේ ගලවා ගැනීමේ කටයුතු සඳහා 4,600 ක පිරිසක් යොදවා ඇති බවයි.
ඔවුන්ගෙන් 2,000 ක් පමණ පොලිස් බලකායෙන් වන අතර, 1,000 ක් පමණ ගිනි නිවන හමුදාවෙන් බව දැක්වෙයි.











