විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද (29) පෙරවරුවේ පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම මහ සභා රැස්වීමේදී සියලුම නීතිඥවරු ඒකමතිකව අත්ඔසවා එම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කළ බවයි ඔහු පැවසුවේ.
ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාවට විනිසුරුවරුන් පවා විරෝධය දක්වන බව රජීව් අමරසූරිය කියාසිටියේය.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය බුද්ධිමත් තීරණයක් නොවන බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත්, මහා සභාවේ එකඟත්වය හිමිවීම තුළ මේ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමර්ග තිබුණාට වඩා හොඳින් ගන්නා බවත් රජීව් අමරසූරිය කියා සිටියේය.
එමෙන්ම ආණ්ඩුව සිදුකිරීමට යන මෙම යෝජනාව අපරාධයක් බවද ඔහු සඳහන් කරන ලදී.
ඒ අනුව මෙය නැවැත්විය යුතු බවත් අධිකරණ පද්ධතියට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිඵල හිමිවිය හැකි බවද රජීව් අමරසූරිය පැවසුවේය.
ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති මෙම අමුතු යෝජනාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් අපහසුතාවයට පත්වීමට සිදුවන පැවසූ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ විනිසුරුවන් අපහසුතාවයට පත්නොකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් ද සැලකිලිල්ලට ගෙන මෙය නැවැත්විය හැකි බවත් එසේ නොමැති නම් ජනමත විචාරණයකට යායුතු බවත් රජීව් අමරසූරිය වැඩිදුරටත් කියා සිටියේය.






