අද (31) කොළඹ වරායේදී සොයාගත් කිලෝග්‍රෑම් 463ක ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයේ සිද්ධියට අදාළව පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් කොළඹ පිහිටි හෝටලයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී සොයාගත් අයිස් බවට සැකකෙරෙන එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800කට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කර සිටියි.
කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ සැකකටයුතු බහාලුම් 2 ක් ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට පසුගිය 17 වනදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි. ඒ අන්වුයි එම බහාලුම් පරීක්ෂාවට ලක්කර ඇත්තේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනද ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.





