/ Jul 13, 2025

විශ්‍රාම වැටුප් බැංකුවට-වැඩි වී නෑ, පෙර ගණන්මයි!

Pensions

අප්‍රේල් මාසය සඳහා වන විශ්‍රාමිකයන්ගේ දීමනාව අද (9) ගිණුම්ගත කර ඇතත් එහි කිසිදු වැඩිවීමක් නැති බවයි වාර්තා වන්නේ. 

රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් සඳහා වන සියලුම දීමනා හෙට දිනයට පෙර ගිනුම්ගත කිරීම අප්‍රේල් මාසයට අදාළව සිදු කෙරෙන්නේ සිංහල-හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙනි.

කෙසේ වෙතත් අය-වැයෙන් යෝජිත වැටුප් සංශෝධනයට අදාළ විශ්‍රාම වැටුප් වැඩිවීම සිදුව නැති බවටයි විශ්‍රාමිකයන් චෝදනා කරන්නේ.

ඔවුන්ට අනුව මාර්තු මාසයේදී ලැබුණු වැටුපට සමාන ගණනක් ම මෙවරද ලැබී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top