/ Jun 25, 2025

ගුරා හිරේ යද්දී ගෝලයෝ නාවලපිටියේ බලය අල්ලති!

නාවලපිටිය නගර සභාවේ මංගල රැස්වීම මධ්‍යම පළත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන 9ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.

එහි නව සභාපති ලෙස පත්වූයේ ස්වාධීන කණ්ඩායම් අංක 2 යටතේ තරඟ වැදුණු හිටපු සභාපති අමල් ප්‍රියංකරයි. ඔහු ඡන්ද 09ක් ලබාගත්තේ ය.

ජාතික ජන බලවේගයෙන් තිලක් අමරිසිරි සිරිසේන යෝජනා කෙරුණු අතර පැවති විවෘත ජන්දයෙන් ජන්ද 05 ලබා ගැනීමට හැකි විය. එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවේ ය.

මේ වන විට සිර දඬුවමට යටත් කර ඇති හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සහයෝගය දුන් පිරිසක් මෙලෙස නාවලපිටිය නගරසභාවේ බලය ලබාගැනීම විශේෂත්වයකි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාවලපිටිය නගර සභාවේ සභිකයන් බෙදී ගිය ආකාරය,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top