/ Aug 19, 2026

සම්මානනීය ගේය පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති!

බෞද්ධ සාහිත්‍ය සංස්කෘතිය තුළ මෙන්ම මෙරට ගීත කලාවේ යතිවර සළකුණක් තැබූ පූජ්‍ය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.

අපවත්වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අද පස්වරුවේ අපවත් වී ඇත.

1950 වසරේ මැයි 22 වැනිදා දෙණියාය රඹුකන ප්‍රදේශයේදී ලියනගේ සයිමන් සහ සෝබනහාමි ලියනගේ යුවළට දාව උපත ලද උන්වහන්සේගේ ගිහි නම ආනන්ද ලියනගේ නම් වූ අතර 1963 වසරේ ජූලි 22 වැනිදා වැලිව ගංගාතිලක විහාරස්ථානයේදී “රඹුකන සිද්ධාර්ථ” නමින් පැවිදි බිමට එක්ව තිබේ.

මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ, ගාල්ල හෙට්ඨාචල පිරිවෙනෙන් සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙන් ද්විතීක අධ්‍යාපනය ලබා, අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ද හදාරා ඇත.

බෞද්ධ සංස්කෘතිය සමඟ සම්මිශ්‍රිත ගීත කලාවක් පෝෂණය කළ උන්වහන්සේ ලා දළුලා දළු බෝපත්.
මේ ඉර හඳ යට.
පන්සලේ පල්ලියේ.
සද්ධර්ම මකරන්ද,
සසුනඹරේ…
හදවත දෙව්රම් වෙහෙරක් වේවා..
සඳ තරු මල්
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
සෙනෙහස පුදා
බුදු බණ ඇසුවා
මේ ප්‍රේම කතා
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
වෙහෙරක් වගේ
සියක් ආයු ලැබ
ලා දළු බෝපත් වැනි ගීත ඒ අතර වේ.වැනි ගීත මඟින් මහත් ජනාදරයට පාත්‍ර වූහ.

‘සඳකඩපහණ’ චිත්‍රපටය වෙනුවෙන් ලියූ ‘පෙර සංසාරේ’ ගීතය සඳහා සරසවිය සම්මානයෙන්ද පිදුම් ලැබීමට උන්වහන්සේ භාග්‍යවත් විය.

1987 වසරේ ‘සංසාරේ අපි’ කැසට් පටයෙන් ඇරඹි උන්වහන්සේගේ ගී නිර්මාණ අතරට ‘ගම්මානේ අපි’, ‘සමනල කන්ද’, ‘සංසාරේ ගී යාතිකා’, ‘බුදු අමා වැස්ස’, ‘සංසාර චාරිකා’ වැනි කැසට් පට සහ සංයුක්ත තැටි මෙන්ම ‘සසර දනව්ව’ වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයක් ද ඇතුළත් ය.

ඒ අනුව උන්වහන්සේ බෞද්ධ සාහිත්‍යයට මෙන්ම ලංකේය සුභාවිත ගීත කලාවට අමිල මෙහෙවරක් ඉටුකළ යතිවර හිමි නමක් ලෙස ජන හදවත් තුළ සදා ජීවමානව වැඩසිටිනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top