/ Apr 20, 2025

බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා: එහි ඇති ජවිපෙ අපරාධ සත්‍යයක්!

ආන්දෝලනයකට ලක්ව ඇති බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වන සිය ප්‍රකාශය හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට නිකුත් කර තිබේ.

1987 දී ඉන්දු ලංකා ගිවිසුම අතසන් කිරීමෙන් පසුව ජවිපෙ විසින් රට පුරා භීෂණයක් ඇති කළ බවත් එහිදී ජනපති ජේ.ආර්.ජයවර්ධන විසින් රටේ මර්මස්ථාන රැකීමේ බලය කැබිනට් ඇමතිවරුන්ට පැවසූ බවත් කියා සිටින හිටපු ජනපති බියගම ප්‍රදේශයේ මර්මස්ථාන ආරක්ෂා කිරීමට හමුදාව කැඳවූ බව පවසයි.

ආරක්ෂක අංශවල රැඳී සිටීම සඳහා ලංකා පොහොර සංස්ථාවට අයත් අත්හැර දමා තිබුණු ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබාගත් බවත් භීෂණ තත්වය  තුළ සිදුවූ ප්‍රභූ සහ පොලිස් නිලධාරීන්ගේ ඝාතන නිසා ආරක්ෂාව වෙනුවෙන් එම නිවාස ලබා දුන් බවත් ඔහු පවසයි.

පසුව බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් බටලන්ද වධකාගාරයක් තිබු‍ණේදැයි සෙවීමට කොමිසමක් පත් කළ බත් එය සම්පූර්ණයෙන් දේශපාලන මඩගැසීමකට පත් කළ එකක් බවත් ඔහු ප්‍රකාශයෙන් අවධාරණය කළේ ය.

කොමිෂන් සභා වාර්තාවේ ඇති කිසිවක් තමාට අදාළ නොවන බව පවසන හිටපු ජනපතිවරයා ජවිපෙ කළ ත්‍රස්තාවාදී ක්‍රියා එහි සඳහන් වෙන බවද පවසා සිටී.

කෙසේ වෙතත් වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටී.

බටලන්ද වාර්තාව කිසිවෙකු සඟවාගෙන නොසිටි බවත් කිසිවෙකු එය ඉල්ලා විවාද කළේවත් නැති බව පවසන හිටපු ජනපතිවරයා මෙතෙක් කිසි කෙනෙක් එයින් පටු දේශපාලන වාසි නොගත් බවද කියා සිටී.

පාර්ලිමේන්තු සැසි වාර්තාවක් වසර 25කට පසු විවාද කිරීමේ සම්ප්‍රදායක් මෙරට හෝ කිසිම රටක නැති බවද අවසන් වශයෙන් හිටපු ජනපතිවරයා අවධාරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top