/ Apr 20, 2025

ලාබෙට මත්පැන් දෙන්න ජනපතිත් අකමැති වෙයි!

Even the President is reluctant to provide cheap alcohol!

අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කරගෙන ගිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවෙන තැනට පත්වෙමින් ඇතැයි වාර්තා වේ.

නීතිවිරෝධී මත්පැන් අධෛර්යය කිරීමට පිණිස ගෙනා මෙම ව්‍යාපෘතියට මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල වෙමින් තිබේ.

මෙම ව්‍යාපෘතිය මගින් බදු ආදායම අඩු වීම, මෙය හඳුන්වාදීමට සූදානම් වූ රුපියල් 600 මිලට දැනටත් මත්පැන් නිෂ්පාදන පැවතීම ආදී ගැටලු ද මෙයට බලපා ඇතැයි සඳහන් වේ.

අලුත් අවුරුදු සමයට පෙර මෙම මත්පැන් බෝතලය හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව අදහස් කළද මෙම ව්‍යාපෘතිය කෙරෙහි ජනපතිවරයාද එතරම් මනාපයක් දක්වා නැති බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top