/ Apr 20, 2025

හොරා පොලිස් සෙල්ලම අවසන් කර හිටපු පොලිස්පති භාර වෙයි

Will Deshabandu be granted bail?

මෙතෙක් දිනක් පොලිසියට බියෙන් කට්ටි පනිමින් සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

වැලිගම හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමකදී පොලිස් නිලධාරියෙක් ඝාතනය වීම සම්බන්ධ නඩුවකට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි මාතර දිසා අධිකරණය නියෝග කළත්, රටේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඔහු පොලිසියට කට්ටි පනිමින් සිටියේ ය.

පසුව තමා අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළ ද එයද අභියාචනාධිකරණයෙන් ඉවත දැමුණු අතර අද ( 19) ඔහු අධිකරණයට ඉදිරිපත් විය.

කෙසේ වෙතත් විසිළුසහගත ම කාරණය වන්නේ, ශ්‍රී ලංකා පොලිසියට දින 20ක් ගතවීත් සිය හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top