/ Apr 20, 2025

අර්චුනාට පාර්ලිමේන්තුවෙන් ලොකු දඬුවමක්!

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් හට පාර්ලිමේන්තු වාරණයක් පැනවීමට කතානායකවරයා තීරණය කර තිබේ.

අද (19) විශේෂ ප්‍රකාශයක් කළ කතානායකවරයා පැවසුවේ එළැඹෙන මැයි 8 දක්වා පැවැත්වෙන සියලු පාර්ලිමේන්තු සැසිවාරවල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන් සියලුම ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල විකාශය කිරීමත් තහනම් කරන බවයි.

එසේ ම ඔහුගේ ප්‍රකාශ ද හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කෙරෙනු ඇති.

පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් අර්ජුනා මන්ත්‍රීවරයා විසින් සිදු කරන ජාතික සමගිය සහ සංහිඳියාවට හානි වන අවමන්සහගත ප්‍රකාශ සැලකිල්ලට ගෙන කතානායකවරයා මෙම තීන්දුව ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top