පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ මෙන් එම වගකීම පැහැර හරින්නේ නම් වර්තමාන රජයට එරෙහිව ද කටයුතු කිරීමට තමා කිසිවිටෙක පසුබට නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
පෙර පැවති රජයන් පාස්කු වින්දිතයන්ට ඉටු නොකළ යුක්තිය හා සාධාරණය වර්තමාන රජය හෝ ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව අගරදගුරු හිමිපාණන් සඳහන් කළේය.
නව වෙනසක් ඇති කළ යුතු බව තමන් පසුගිය මැතිවරණ සමයේදී ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් අගරදගුරු මැඳුරට පැමිණ යටගසා ඇති පාස්කු ප්‍රහාරවලට අදාළ විමර්ශන විධිමත්ව සිදුකර එකී අපරාධවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සෑම සියලුදෙනාටම එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ලබාදුන් පොරොන්දුව විශ්වාස කරමින් බවත් එකී පොරොන්දුව ඉටු කිරීමට නව රජයට යම්කිසි ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.