/ Jun 19, 2026

සාම ගිවිසුමෙන් පසු ඇමරිකාව සහ ඉරානය අතර මූලික සාකච්ජා ඇරඹේ!

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව දෙරට අතර මූලික සාකච්ඡා අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හි පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම එහි අරමුණ වන අතර මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට අමතරව මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පකිස්තානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතයි.

මෙම සම එකඟතාව ඇති කරගැනීම වෙනුවෙන් මැදිහත් පාර්ශව ලෙස කටාර් රාජ්‍ය සහ පාකිස්ථානය විශාල මැදිහත්වීමක් සිදුකරන ලදී.

පවතින තත්ත්වය අනුව මැදපෙර දිග කලාපයේ යුදමය වාතාවරණය අවසන් වී සාමකාමී තත්ත්වයක් ඇති වනු ඇති බවට ගෝලීය ප්‍රජාව විශ්වාසය පළකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top