පසුගිය සතියේ සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ය.
මෙම වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කටයුතු කරන බවත් එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවත් ඇමැති බිමල් පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.
මෙම වාර්තාව මගින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඍජු චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, තමන්ට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව හිටපු ජනපති රනිල් පසුගිය දා කියා සිටි අතර එකී ප්‍රකාශය අද සිදු කිරීමට නියමිතයි.