/ Jun 16, 2026

2026 පළමු කාර්තුව තුළ ආර්ථිකයේ සාධනීය වර්ධනයක්!

2026 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 5.1%කින් ධනාත්මකව වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, 2026 වසරේ පළමු කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරමිනි.

එහිදී එම කාර්තුව තුළ කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 1.1කින්, කර්මාන්ත අංශය සියයට 7.2කින් සහ සේවා අංශය සියයට 3.4කින් වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top