පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රන්දවුම්භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තමන් සතු බුද්ධි තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදීමේ දැඩි ස්ථාවරයක පසුවෙන බව ශ්‍රී ලනා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
කෙසේවෙතත් ඔහු මේ වන විට දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසු වන බව ඔහුගේ බිරිඳ සහ පුතා සඳහන් කරන බවයි හිටපු ඇමතිවරයා පවසන්නේ.
“සලේව බලන්න නම් ගියේ නෑ. අපිට යන්න බෑ. එයාව බලලා තියෙනවා ඔහුගේ බිරිඳ සහ පුතා. ඔවුන් කියන්නේ ඇත්ත වශයෙන්ම ඔහුට ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් දැන් ඉන්නේ. කතා කරන්නත් බැහැ. මොකද ඔහු ඇත්ත වශයෙන්ම ඔහුගේ ආහාර වර්ජනය ඔහු කරන්නේ ප්‍රතිපත්තිමය හේතුවක් මත. මොකද ඔහු මිය ගියත්, ඔහුගේ බුද්ධි තොරතුරු අනවශ්‍ය අයට නොදෙනවා කියන එක තමයි ඔහුගේ ස්ථාවරය වන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත වශයෙන්ම රටට හිතැති, ජාතික ආරක්ෂාවට හිතැති දේශප්‍රේමි අය තමයි ඒ විදියට කරන්නේ. තමාගේ ජීවිතේ ගියත් ජාතික ආරක්ෂාව පාවා දෙන්නේ නෑ. ඒක හරිම අවාසනවන්ත තත්ත්වයක්. ඔහු ජීවත් විය යුතුයි. මම ඔහුටත් කියන්නේ නැත්නම් ඔහුගේ බිරිඳටත් කියන්නේ කරුණාකරලා ආහාර අරගෙන තමාගේ ජීවිතය රැකගන්න. එතකොට අපිට පුළුවන් ඉදිරියේදී ඔහුට විරුද්ධව අසාධාරණ වැඩ කරන අයට විරුද්ධව අපට නීතිමය වශයෙන් ක්‍රියාත්මක වෙන්න.” යනුවෙන් සරත් වීරසේකර කියා සිටියි.






