ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 3 වැනි මට්ටමේ (රතු) නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 2 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අතර පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.
අවදානම් සහිත ප්‍රදේශ සහ දිස්ත්‍රික්ක පහතින්,
අදියර 3 – රතු නිවේදන (ඉවත්වීමේ අනතුරු ඇඟවීම්)
ගාල්ල – නෙළුව
කළුතර – වලල්ලාවිට
මහනුවර – පස්බාගේ කෝරළේ
කෑගල්ල – මාවනැල්ල, දෙරණියගල, අරණායක, යටියන්තොට, දෙහිඕවිට
නුවරඑළිය – නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර
රත්නපුර – රත්නපුර
අදියර 2 – ඇම්බර් නිවේදන (අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම්)
කොළඹ – පාදුක්ක
ගාල්ල – නාගොඩ, තවලම
කළුතර – පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය
මහනුවර – ගඟ ඉහළ කෝරළේ, උඩපළාත
කෑගල්ල – වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල
මාතර – අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
නුවරඑළිය – තලවාකැලේ
රත්නපුර – පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත
අදියර 1 – කහ නිවේදන (විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම්)
කොළඹ – සීතාවක
ගාල්ල – නියගම, බද්දේගම
ගම්පහ – මීරිගම, අත්තනගල්ල
මහනුවර – යටිනුවර, පහතදුම්බර, දොළුව, උඩුනුවර
කෑගල්ල – රඹුක්කන
කුරුණෑගල – අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර – පස්ගොඩ
රත්නපුර- ඇහැලියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ






