සමෘද්ධි පරිගණක සහකාරවරුන් මේ වන විට 300කට ආසන්න ප්‍රමාණයක් සිය රැකියා අහිමි කිරීම නිසා අසරණ වී ඇති බවත් මෙය වසර ගණනාවක් පුරා සිදුවූ අසාධාරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී රැකියා අහිමි වූ සමෘද්ධි පරිගණක සහකාරවරුන් සමඟ පැවැති සාකච්ඡාව අවසානයේදීය.
මේ අසාධාරණය නිවැරදි කිරීම වත්මන් රජයේ වගකීම සේම යුතුකම බවත් මොවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂා කර රැකියා අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කළ හැකි ඉහළම මැදිහත්වීම සිදු කරන බවත් හෙතෙම කියාසිටියේය.
කෙසේවෙතත් රජය මැදිහත්වී ඔවුන්ට හිමි පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.






