ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව්පියන් ඝාතනය කිරීමට ගත් උත්සහයක් පන්නල පොලීසිය මඟින් ව්‍යාර්ථ කර ඇතැයි වාර්තා වේ.
පොලීසිය පැවසුවේ ඒ සමඟ ඝාතනයට පැමිණි බවට සැකකෙරන තරුණයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපරාධකරුට චෝදනා එල්ල වී තිබෙන අතර ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය විසින් කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට කුමන හෝ සබඳතාවක් ඇති සියලුදෙනාම ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බව අරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන ඇත.