/ Nov 14, 2026

සෞදි අරාබියේ දුෂ්කරතාවන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකික සේවකයින් 40කට රු. මි. 56.4ක්!

රැකියා සඳහා සෞදි අරාබියට ගිය පසු විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික සේවකයින් 40 දෙනෙකුට රුපියල් මිලියන 56.4ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (SLBFE) පියවර ගෙන තිබේ.

මෙම වසර තුළ සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදු කරන ලද නීතිමය ක්‍රියාමාර්ග හරහා මෙම මුදල් අය කර ගත් බව එම කාර්යාංශය ප්‍රකාශ කළේය.

තවද, නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන සිටින ශ්‍රී ලාංකික සේවකයින්ව මුදාගෙන නැවත දිවයිනට ගෙන්වා ගැනීමට ද කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top