/ Nov 14, 2026

ඇමෙරිකා ගුවන් අවකාශය යළි විවෘත කෙරේ!

ඇමෙරිකා ගුවන් අවකාශය යළි විවෘත කර තිබේ. ඇමෙරිකාව පුරා ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට පැනවූ නියෝගය ඉවත් කරමින් එරට ගුවන් අවකාශය යළි විවෘත කළ බව ඇමෙරිකා ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නිවේදනය කර ඇත.

රට පුරා ගුවන් යානා ගුවන්ගත වීම තාවකාලිකව අත්හිටුවීමට හේතුව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සතු යල්පැනගිය උපකරණ බව එම ආයතනය පෙන්වා දී තිබුණි.

ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාව සැලකිල්ලට ගනිමින් ගුවන් ගමන් සඳහා පනවා තිබූ තාවකාලික සීමාවන් ඉවත් කර ඇමෙරිකා ගුවන් අවකාශය යළි විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top