ගණේමුල්ල සංජීව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට උසාවිය තුළ දී වෙඩි තැබූ ඝාතකයා එම කටයුත්ත සිදු කර ඇත්තේ රුපියල් කෝටි එකහමාරක මුදලකට බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, ඩුබායි සිට මේ කොන්ත්‍රාතුව ලබා දුන් අය මොහුට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණක් බවයි අනාවරණය වී ඇත්තේ.
පසුව ඉතිරි මුදල ඔහුට ලබා නොදී මොහුගේ පළායාම ගැන ඔත්තුව ආරක්ෂක අංශ වෙත ලබා දීමට කොන්ත්‍රාතුව ලබා දුන් පුද්ගලයන් කටයුතු කර ඇතැයි සඳහන්.
සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු වන අතර ඒ වෙනුවෙන් මුදල් සොයා ගැනීමට මෙම ඝාතනය බාර ගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් සැකකරු පුත්තලම වෙත ගොස් ඇත්තේ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා යාමට සූදානමින් සිට ඇතැයි ද වාර්තා වේ