/ Apr 20, 2025

දූපත් රිලා විසඳුම ලොව පළමුවරටයි: මන්ත්‍රී මනුවර්ණ

The island relay solution is a world first.

මෙරට භෝග සහ වෙනත් සම්පත් විනාශ කරමින් පීඩා දෙන රිලවුන්ගේ ප්‍රශ්නයට පිළියමක් ලෙස ඔවුන් දූපතක රඳවා තැබීමේ විසඳුම ක්‍රියාත්ක කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.

මේ සඳහා රන්දෙණිගල ජලාශය ආසන්නයේ විශාල දූපතක් හඳුනාගෙන ඇති බවත් රිලවුන් මෙගොඩ පැමිණීම වැලැක්වීමට විශාල විදුලි වැඩක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බවත් ඔහු කියා සිටියේ ය.

වන සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අනුමැතිය සහිතව මෙය ක්‍රියාත්මක කිරීම සිදු කරන බව කී මන්ත්‍රීවරයා, මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේද ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය බැව් සිහිපත් කළේ ය. අඩුපාඩු තිබිය හැකි වුවත් ඒවා නිවැරදි කරගෙන කටයුතු කිරීමට අදහස් කරන බවද ඔහු කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top