/ May 19, 2026

ආර්ථිකයට පහරක් – සංචාරක ආදායම පහළ වැටේ!

මේ වසරේ (2026) පළමු මාස හතරේ දී සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම ගිය වසරේ (2025) පළමු මාස හතරට සාපේක්ෂව සියයට 19.4 කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ පළමු මාස හතරේදී සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1,379 ක ආදායම මේ වසරේ පළමු මාස හතරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,111ක් දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 268 කින් අඩු වී තිබේ. ගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 256.7 ක සංචාරක ආදායම මේ වසරේ අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 157.1 ක් දක්වා අඩු වී ඇත.

එසේම ගිය වසරේ පළමු මාස හතරේ දී මෙරටට පැමිණි 896,884ක සංචාරකයන් ප්‍රමාණය ද මේ වසරේ පළමු මාස හතරේදී 876,277 ක් දක්වා සියයට 2.3 කින් පහත වැටී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගණේවත්ත – දිවයින

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top