වෙළෙඳ අමාත්‍යංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන උමන්දාවට අයත් ආයතනයක් රජයට කුලිය නොගෙවීම නිසා දැවැන්ත වංචාවක් සිදුව ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පසුගිය දා ප්‍රකාශ කළේ ය.
උමන්දාවේ අධිපති සමන්තභද්‍ර හිමි ඊට පිළිතුරු ලබා දී තිබේ. ඒ හිමි පවසන්නේ එම ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවේ පිටතදීද පවසන ලෙසයි. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මන්ත්‍රීවරයා බොරු කියන බවටද සමන්තභද්‍ර හිමි චෝදනා කළේ ය.
තමන් ලක්ෂ 50ක ආසන්න මුදලක් සතොසට ගෙවා ඇති බවත් රුපියල් ලක්ෂ 10ක තැන්පතුවක් ද එහි තබා ඇති බවත් පවසන ඒ හිමියන් වැඩ කරන මිනිසුන්ට මඩ ගැසීම නවතන ලෙස ද කියා සිටියේ ය.