ජාතික ජනබලවේග රජයේ පළමු අය-වැය එනම් 2025 වසරට අදාළ විසර්ජන පණත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) පැවැත්වේ.
දින 7ක් පුරා පැවැති අය-වැය තෙවැනි වර කියැවීමේ විවාදයේ අවසන් දවස අදයි. ඒ අනුව අද දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අවසන වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණි. කෙසේ වෙතත් බහුතර බලය සහිත පාර්ලිමේන්තුවේ අය-වැය පහසුවෙන් සම්මත වනු ඇති.