/ Jul 09, 2026

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්!

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

හෙට (10) දිනයට අදාළවයි එය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකල යුතු මට්ටමක පැවතිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

එම ප්‍රදේශවල ජනතාව හෙට දිනයේ දෛනික ක්‍රියාකාරකම් සිදුකිරීමේදී අවධානයෙන් පසුවන ලෙසත් ඊට අදාළව උපදෙස්ද ලබා දී ඇත.

එළිමහන් වැඩ බිම්හි කටයුතු කරන විට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම,සෙවන ඇති ස්ථානවල පමණක් විවේක ගැනීම,නිවෙස් තුළ සිටින රෝගීන් සහ වයස්ගත පුද්ලයන් පිළිබඳ සලිකිමත් වීම,වාහන තුළ කුඩා දරුවන් තනිව රඳවා නොයෑම,එළිමහනේ අධික වෙහෙසකර කටයුතු සීමා කිරීම,සුදු හෝ ලාපහැති ඇඳුම් භාවිතා කිරීම යන උපදෙස්ද පිළිපදින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top