මාතර අධිකරණය වෙත ඉදිරිපත් වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥයන් විශාල පිරිසක් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහුට අදාළ නඩු කටයුත්ත අද (19) සවස්වරුවේ පැවැත්වෙන අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ ද? ඇප ලබා දෙන්නේ ද? යන්න තීන්දුවක් ලබා දෙනු ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වෙතත්, බන්ධනාගාර බස් රථයක්ද මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙන බව සඳහන් වේ.