මේ වන විට අධිකරණයට භාර වී ඇති දේශබන්දු තෙන්නකෝන් ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේ ය.
මාතර අධිකරණයට ඔහු භාර වූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඊයේ දිනයේ රහස් පොලිසිය දේශබන්දු තෙන්නකෝන්ට අයත් හෝකන්දර නිවසක් පරීක්ෂා කිරීමේදී හමුවූ දේ ගැන ද සඳහන් කළේ ය.
විදේශීය මත්පැන් බෝතල් 795ක් වයින් බෝතල් 214ක් වශයෙන් මත්පැන් බෝතල් 1009ක් සොයාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් සිය වැටුප අනුව මෙවැනි මත්පැන් තොගයක් ලබා ගත්තේ කෙසේ ද යන්න සැක මතු වේ. අනෙක් අතට ඔහු වෙනුවෙන් පසුගිය දිනවල හිමිවරුන් පිරිසක්ද පෙනී සිටියේ ඔහු සැදැහැවත් බෞද්ධයෙකු බව කියමිනි. එසේ ම ඔහු විවිධ අවස්ථාවල එවැනි අයෙකු ලෙස පෙනී සිට තිබේ.