පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි රක්ෂිත බන්ධානාගාරගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සාධාරණ හේතු ඉදිරිපත් කරමින් පිටතින් ආාහර ලබා ගැනීමට ඉල්ලීමක් කිරීමට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට අයිතියක් ඇති බව පැවසෙන අතර දේශබන්දුගේ ඉල්ලීම බොහෝ දුරට ඉටු වනු ඇතැයි වාර්තා වේ.
වැලිගම හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියෙක් ඝාතනය කිරීමේ නඩුවකට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පසුගිය දා නියෝග කළේ ය.