පාස්කු ප්‍රහාරය සිදුව වසර 6 සම්පූර්ණවීමට පෙර ඒ සම්බන්ධයෙන් යුක්තිගරුක හා සාධාරණ පරීක්ෂණ සිදුවන බවට සංඥාවක් නොලැබුණහොත් පාරට බැහීමට සිදුවන බව කොළඹ අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.
මෙම රජය බලයට පත් කිරීමට තමන් උපකාර කළේ දුන් පොරොන්දු ඉටු කිරීමට බවත් එදා කටුවාපිටිය දේවස්ථානයේදී ජනපතිවරයා විසින් දෙන ලද පොරොන්දුව හැකි ඉක්මනින් ඉටු කරන ලෙසත් කාදිනල් හිමියන් එහිදී අවධාරණය කළහ.