/ Apr 20, 2025

වෛද්‍යවරියක දූෂණය කළ සිදුවීමේ සැකකරුට අධිකරණ නියෝගයක් !

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව සැකකරු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි, නියෝග කර ඇත්තේ.

එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තවදුරටත් නියෝග කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම්. ජයවීරගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්නගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද සහ සැරන් රංජිත් යන අය පෙනී සිට ඇත.

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිට නෙැමති වීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top