ප්‍රකට නිරූපිකා පියුමි හංසමාලිට එරෙහිව මගෙන් රටට සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ, ඇය ආදායම් උපයාගත් ආකාරය සැකසහිත බව කියමිනුයි. කෙටි කලක් තුළ රුපියල් ලක්ෂ දහසකට අධික වත්කම් ඇය උපයාගෙන තිබු බව එහිදී චෝදනා නැගුණි.
කෙසේ වෙතත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇය වෙනත් සමාගම්වලින් ලබාගත් රූපලාවන්‍ය ක්‍රීම්වර්ග ඇසුරුම් වෙනස් කර අධික ලාබයක් ලබාගෙන විකුණා ඇති බවයි. රුපියල් 3000-5000ක් අතර ලබාගන්නා ක්‍රීම්වර්ග ඇය සිය ඇසුරුම් ලේබලය යටතේ රුපියල් 25000 සිට මිල ගණන්වලට අලෙවි කර තිබේ.
ඒ අනුව ඇය දිනකට ලැබූ ලාබය රුපියල් ලක්ෂ 10 -12 ද වී ඇති බව හෙළිව ඇත. මෙම මුදල් යොදවා ඇය රුපියල් ලක්ෂ 1400ක් වටිනා සුපිරි නිවසක් සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ සුපිරි ජීප් රථයද මිලට ගෙන ඇති බවයි වාර්තා වූයේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.