/ Apr 20, 2025

ඇප පිට ඉන්න යෝෂිත ක්ලබ් වලියක් දාගෙන!

Yoshitha Rajapaksha

මුදල් විශුද්ධකරණ චෝදනා ඇති නඩුවක ඇප මත නිදහස්ව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතු යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ කොළඹ පිහිටි සමාජ ශාලාවක ගැටුමක් ඇති කරගෙන තිබේ.

ඔවුන් සමඟ පුද්ගලයන් 10කට ආසන්න පිරිසක් අදාළ සමාජශාලාවට පැමිණ ඇති අතර ඉන් එක් අයෙකුට ඇතුළුවීමේ අවසර පළඳනා තිබී නැති බවත් එය ප්‍රශ්න කළ ආරක්ෂක නිලධාරියාට එම පිරිස විසින් පහරදී ඇති බවත් වාර්තා වේ.

මෙම ගැටුම  අතරතුර යෝෂිත සහ බිරිඳ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර පහරකෑ ආරක්ෂක නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. සමාජශාලාව හිමිකාරිණිය පොලිසියේ පැමිණිල්ලක් දමා තිබේ.  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top